අරුවක්කාලු කසළ රඳවනයට ඉදිරි මාස 4 ඇතුළත අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පියවර ගන්නා බව නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, දැනට හේතු කිහිපයක් හේතුවෙන් කසළ රඳවනය ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව කාර්මික දෝෂවලට ලක්වී ඇති කැලණිය ප්‍රදේශයේ ස්ථාපිත කසළ තෙරපුම් කරන යන්ත්‍ර තුන අලුත්වැඩියාව සඳහා චීන සමාගම් වෙත දැනුම් දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
අරුවක්කාලු ප්‍රදේශයට බැහැර කරන කසළවල අපජලය පිරිසුදු කිරීමේ පිරිපහදුවේ අඩුපාඩු මග හරවා ගැනීමටද නියමිතයි.
ඉන් අනතුරුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතනවල කැළි කසළ දුම්රියෙන් අරුවක්කාලු වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
මේහිදී දිනකට මෙට්‍රික්ටොන් 6200ක ධාරිතාවක් අරුවක්කාලු වෙත ඒ අනුව රැගෙන යාමට සැලසුම් කර තිබේ.
2016 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මේ දක්වා අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ තාක්ෂණික හා ඉදිරිකීරිම් සැලසුම්වල ගැටලු කිහිපයක් හේතුවෙන්ය.