Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් වාර්තාවක්

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක්

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේදී සමත්විය.

එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකයද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය.

එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 16,597.16ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 94.71කින් ඉහළගොස් ඒකක 5,056.74ක් ලෙසත් සටහන් විය.

රු. බිලියන 8.31ක ගනුදෙනු පිරිවැටුමක් අද (21) දිනයේ දී වාර්තා විය.

Exit mobile version