Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිමෙන්ති කොට්ට දහයකට අල්ලස් ගත්ත විදුහල්පති රිමාන්ඩ්

අල්ලස් සිද්ධියට කොටු වූ RMV නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

අල්ලස් සිද්ධියට කොටු වූ RMV නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකු මෙලෙස අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ටල් දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා විසින් පැමිණිලකරුට නියම කර ඇති අතර පසුව එම මුදල ගෙවූ බව දැනුම්දීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන සිදුකළ අල්ලස් කොමිසම විසින් අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version