Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ICC ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණට තෙවන ස්ථානය

මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි කැපී පෙනෙන ලෙස ඉදිරියට

මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි කැපී පෙනෙන ලෙස ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

7වන ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස ඔහු තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටි.

ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිකරගෙන සිටින මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වනවා.

නවසීලන්තයට එරෙහිව ඉකුත්දා අවසන් වූ තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කඩුලු 7ක් දවාගනිමින් මහීෂ් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට හිමිව ඇති අතර, දෙවන ස්ථානයේ ඉන්දියාවේ කුල්දීප් යාදව් රැඳී සිටියි.

Exit mobile version