Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු වේගවත් කර ඇත – ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු වේගවත් කර ඇත - ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු වේගවත් කර ඇත - ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනම් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා වෙත ඊයෙ (08) දන්වා සිටියේය.

අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් නමැති සැකකරුවකු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරිහු අධිකරණය වෙත එලෙස දන්වා සිටියහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලදී පුද්ගලයන්ගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු දන්වා සිටියහ.

අදාළ සැකකරු අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක්ද දුන්නේය.

අදාළ සැකකරු නීතිපති උපදෙස් ලැබෙනතුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Exit mobile version