Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඥානසාර හිමිට අධිකරණයෙන් ලිහිල් සිරදඬුවමක්; ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ඥානසාර හිමිට අධිකරණයෙන් ලිහිල් සිරදඬුවමක්; ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ඥානසාර හිමිට අධිකරණයෙන් ලිහිල් සිරදඬුවමක්; ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09ක ලිහිල් සිරදඬුවමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරයි.

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම් කිරීමෙන් අනතුරුව අද (09) මෙම නියෝගය ලබා දී ඇත.

ඊට අමතරව රුපියල් 1500ක දඩයක් නියම කරන බවද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

2016 වසරේ ජූලි මස 16වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රතික්ෂේප කළේය.

ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් මෙම ඇප ඉල්ලීම සිදුකළහ.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

Exit mobile version