Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකිවන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත් ගැසට් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මීට පෙර පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අවලංගු වනු ඇති අතර
එමන්ම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් නම් කරනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ තැන්පති ආපසු ගෙවීමටද අදාළ කෙටුම්පතෙන් දක්වා තිබේ.

Exit mobile version