Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්

ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්

ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්

2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

ආදයම් වියදම් වාර්තාභාර දීමට මෙතෙක් ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරු මෙන්ම ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.

මෙම වගඋත්තරකරුවන්ට, අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ආරම්භ කරනු ලබයි.

ඒ අනුව කොට්ඨාස භාර නිලධාරීන් විසින් 2025.01.31වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව මැතිරණයක ප්‍රථිඵල නිකුත් කර දින 21ක් ඇතුළත පිළිගත් දේශපාලන පක්ෂයේ / ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයාගේ ආදයම් හා වියදම් සම්බන්ධව වාර්තා මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරීයා වෙත භාර දීම සිදුකළ යුතු වෙයි.

Exit mobile version