Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 5ක් තුළ රිය අනතුරු නිසා මිනිස් ජීවිත 12,140ක් අහිමි වේ.

වසර 5ක් තුළ රිය අනතුරු නිසා මිනිස් ජීවිත 12,140ක් නැති වෙලා

වසර 5ක් තුළ රිය අනතුරු නිසා මිනිස් ජීවිත 12,140ක් නැති වෙලා

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් වටිනා මිනිස් ජීවිත 12,140ක් රටට අහිමි වී ඇති බව පොලීසිය පවසයි.

2020, 2021, 2022, 2023, 2024 වසරවල සිදු වූ රිය අනතුරු සම්බන්ධයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව අධ්‍යක්ෂක, නියෝජ්‍ය පොලිස්පති එච්.ඒ.කේ.ඒ. ඉන්දික හපුගොඩ මහතාගේ අධීක්ෂණ යටතේ සිදුකළ සමීක්ෂණයකින් මේ බව ගණනය කර තිබේ.

ඒ අනුව, 2020 වසරේදී 2,363 දෙනෙක්, 2021 වසරේදී 2,557 දෙනෙක්, 2022 වසරේදී 2,540 දෙනෙක්, 2023 වසරේදී 2,321 දෙනෙක් සහ 2024 වසරේදී 2,359 දෙනෙක් වශයෙන් මියගිය පිරිස ගණනය කර ඇත.

එම වසර 5 අතුළත සිදු වූ අනතුරු සම්බන්ධ සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

මීට අමතරව, 2024 වසරේ ජනවාරි පළමුවදා සිට නොවැම්බර් 30 වනදා දක්වා බස්රථ අනතුරු සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරිපත් කර ඇත. ඒ අනුව, පසුගිය මාස 11ක් අතුළත මාරක බස්රථ අනතුරු 198ක් වාර්තා වී තිබේ.

ඒ අතර ලංගම බස්රථ අනතුරු 50ක් සහ පුද්ගලික බස්රථ 148ක් අයත් බව සඳහන් වේ.

අදාළ සම්පූර්ණ සටහන,

Exit mobile version