Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට දැඩි අවවාදයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට දැඩි අවවාදයක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින (05) පස්වරුවේ මාධ්‍ය වෙන නිවේදනයක් යොමුකරමින් මේ බව දන්වා සිටියේය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය 2025 ජනවාරි මස 05වන දින එනම් අද දින (05) ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6කින් දීර්ඝ කර ඇත.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටන් සිදුකරගෙන යාමේ අරමුණින් මෙම නියෝගය ක්‍රියාත්මක කරනු ලබයි.

Exit mobile version