Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම ජනවාරි 20න්‍ පසු – වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම ජනවාරි 20න්‍ පසු - වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම ජනවාරි 20න්‍ පසු - වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු මේ මස 20 වැනි දායින් පසුව ආරම්භ කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

එහි නියොජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සඳහන් කළේ, රජයේ වී ගබඩා ප්‍රමාණය ඉහළ දැමීමට සහ සතොස හරහා සහල් අලෙවි කිරීමේ කටයුතු පුළුල් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

පෙර වසරවලට සාපේක්ෂව වැඩි වී අස්වනු ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගැනීමට කටයුතු යොදන ​බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, භාවිතයට නොගෙන විනාශ වෙමින් පවතින වී ගබඩා පිළිසකර කිරීමද සැලසුම් කරන බවයි.

පසුගිය වසර කිහිපය තුළ වී අලෙවි මණ්ඩලය සඳහා වෙන් කර තිබූ තුළ රුපියල් මිලියන 28,000ක මුදලක් අවභාවිත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය අමාත්‍ය R.M ජයවර්ධන මහතා පැවසුවේය.

එම අක්‍රමිකතා පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී විනිවිදභාවයකින් යුතුව වී අලෙවි මණ්ඩලය කටයුතු කරනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version