Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ට්‍රම්ප් හෝටලය අසලදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පිපිරේ; නිව් ඔර්ලියන්ස් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ට්‍රම්ප් හෝටලය අසලදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යයි; නිව් ඔර්ලියන්ස් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ට්‍රම්ප් හෝටලය අසලදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යයි; නිව් ඔර්ලියන්ස් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

අමෙරිකාවේ ලාස් වේගාස් ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය ඉදිරිපිටදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යාමෙන් එහි රියදුරා මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ට්‍රක් රථයේ පිටුපස තිබී ගෑස් කැනිස්ටර්, කඳවුරු ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි ද්‍රව්‍ය සොයාගත් බව ලාස් වේගාස් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ෂෙරිෆ් කෙවින් මැක්මාහිල් ප්‍රකාශ කර තිබේ. ට්‍රක් රථය කොලරාඩෝ හිදී කුලියට ගෙන ඇති අතර, පිපිරීමට පැය දෙකකටත් අඩු කාලයකට පෙර එම ස්ථානයට පැමිණ ඇත.

මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න තීරණය කිරීමට FBI කටයුතු කරමින් සිටින බව FBI හි Las Vegas කාර්යාලය භාර වැඩබලන විශේෂ නියෝජිත ජෙරමි ෂ්වාට්ස් ප්‍රකාශ කළේය.

එය හුදකලා සිදුවීමක් බවත් මහජනතාවට තවත් අනතුරක් නොමැති බවත් ඒජන්සිය විශ්වාස කරන බව ෂ්වාට්ස් සඳහන් කළේය.

අමෙරිකාවේ නිව්ඕර්ලියන්ස් ප්‍රාන්තයේ බර්බන් ප්‍රදේශයට එක් රැස් වූ පිරිසක් අතරට ට්‍රක් රථයක් කඩා වැදී සිදු වූ අනතුර සහ මෙය අතර සම්බන්ධයක් පවතීද යන්න බලධාරීන් පරීක්ෂා කරමින් සිටින බව ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අමෙරිකාවේ “නිව් ඔර්ලියන්ස්” හි සිදු වූ ප්‍රහාරයේ සැකකරු, ටෙක්සාස් හි 42 දෙහැවිරිදි ෂම්සුඩ්-ඩින් ජබ්බාර් බවට හඳුනා ගෙන තිබේ. ඔහු අමෙරිකානු පුරවැසියෙක් බව වාර්තා වේ. ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 15 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. එසේම මෙම සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්තයක් වන ලුයිසියානාහි නව වසර උදාව සැමරීම සඳහා ඊයේ දිනයේ (01) රැස්ව සිටි නගර වැසියන් සහ සංචාරකයින් පිරිසක් යටකරමින් මොහු පිකප් වර්ගයේ ට්‍රක් රථයක් ධාවනය කර තිබුණි. ට්‍රක් රථයෙන් පැමිණි සැකකරු, මාර්ග ආරක්ෂාවට යොදා සිටි පොලිස් භටයන්ට ප්‍රථමයෙන් වෙඩි තබා ඇති බව සඳහන් වේ.

අනතුරුව ජනතාවගෙන් පිරී තිබූ “බර්බන්” වීදීයේ මාර්ග බාධක බිඳ ගෙන ප්‍රහාරකයා සිය ට්‍රක් රථය සෙනග අතරට ධානය කළ බව, සිද්ධිය දුටුවන් පවසා තිබුණි.

හඳුනාගත් සැකකරු, පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ. ඔහු පැදවූ ට්‍රක් රථයේ තිබී අයි එස් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමට අයත් ධජයක් සොයා ගත් බවයි, වාර්තා වන්නේ

Exit mobile version