Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර එළැඹෙන ජනවාරි 15වනදා ​​දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

එම හඬපටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතෝලික සභාව විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරනු ලැබූ පැමිණිල්ලට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද හෙතෙම පැවසීය.

නාමල් කුමාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අද දින (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

Exit mobile version