Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට සහනදායී ණය ක්‍රමයක්

රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමක් කිරීම මේ තුළින් අපේක්ෂා කරනු ඇත.

පසුගිය කන්නවලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිරීක්ෂනය වී ඇති බැවින් 2024/25 මහ කන්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මෙම සහනදායි ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version