රු. ලක්ෂ අනූවක අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රුපියල් මිලියන 09ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගත්තා.
අල්ලස් චෝදනා යටතේ ඔහු සමග තවත් ව්‍යාපාරිකයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉඩමක් සම්බන්ධයෙන් වන කටයුත්තකදී අල්ලස් ලෙස රුපියල් මිලියන 09ක මුදලක් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ තවත් ව්‍යාපාරිකයෙකු ඉල්ලා ඇති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණා.
තවත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස් මුදල් ඉල්ලා තිබූ අතර එම මුදල පිටකෝට්ටේ ප්‍රදේශයේදී ලබාදෙන අවස්ථාවේදීම අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සහ අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වෙමින් අදාළ අල්ලස් ලබාගෙන ඇති බවට වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කරන බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.