Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ටින් මාළුවලටත් පාලන මිලක්

ටින් මාළුවලට පාලන මිලක්

ටින් මාළුවලට පාලන මිලක්

ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ටූනා 425g සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක්.

මැකරල් 155g ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් වන අතර 425g ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් ද වනවා.

ජැක් මැකරල් 425gක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක්.

මෙම නව මිල ගණන් අද දින (28) සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේ.

Exit mobile version