හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා ඊයේ දින (26) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සානා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි හූති මාධ්‍ය කාර්යාලය පවසන්නේ.
ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රියේසස්ද යේමනයේ සානා ගුවන්තොටුපොළේ සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු හූති කැරලිකරුවන් විසින් රඳවාගෙන සිටි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් මුදාගැනීම මෙන්ම එහි මානුෂීය වාතාවරණය පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට යේමනයට ගොස් සිටි බවයි සඳහන් වන්නේ.