උපයනවිට ගෙවීමේ බද්ද(PayE Tax) අය කරන සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ එකහමාර දක්වා ඉහළ දැමීමටත්, දැනට අය කරන බදු අනුපාත අඩු කිරීමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග එකඟ වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ (18) සඳහන් කළේය.
ඒ අනුව බදු සංශෝධනය සිදුවන අයුරු මෙසේය.
රුපියල් ලක්ෂ එකහමාර දක්වා මාසික වැටුපක් ගන්න පුද්ගලයෙක් 100% බද්දෙන් නිදහස්
රුපියල් ලක්ෂ 2ක් වැටුප් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 71%කින් නිදහස්
රුපියල් ලක්ෂ 2 හමාරක් වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 61%කින් නිදහස්
රුපියල් ලක්ෂ 3ක් වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 47%කින් නිදහස්
රුපියල් ලක්ෂ 3 හමාරක් වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 25.5%කින් නිදහස්.
උපයනවිට ගෙවීමේ බදු සංශෝධනය පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත්, අඩු වැටුප් ලබන අයට වැඩි සහනයකුත් ලැබෙන ආකාරයට බදු සංශෝධනය කිරීමට රජය සමත්ව තිබෙන බවයි.