Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Chat-GPT ගැන හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ මරණය සියදිවි හානිකර ගැනීමක්

Chat-GPT ගැන හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ මරණය සියදිවි හානිකර ගැනීමක්

Chat-GPT ගැන හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ මරණය සියදිවි හානිකර ගැනීමක්

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන් නිර්මාණය කරන open AI සමාගමේ අකටයුතුකම් පිළිබඳ අනාවරණය කළ පර්යේෂකයෙකු වන සුචිර් බලාජීගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් බව, අනාවරණය වී තිබේ.

ඒ, ආරක්ෂක අංශ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකිනි.

අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහල් නිවාස සංකීර්ණයේ තිබියදී, ඔහුගේ මළ සිරුර සොයා ගැනුනේ, පසුගිය නොවැම්බර් 26 වැනිදායි.

open AI සමාගමේ පර්යේෂකයෙකු ලෙස, ඔහු කළක් කටයුතු කළේය. ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වන බලාජීගේ වයස, අවුරුදු 26ක්.

open AI සමාගම නිර්මාණය කළ Chat-GPT සම්බන්ධයෙන් මීට මාස තුනකට පෙර ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ඔහු පැවසුවේ, Chat – GPT නිර්මාණය කිරීමේදී open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවයි. ඒ හරහා අදාළ සමාගම, ඩොලර් මිලියන 150 කට වැඩි වටිනාකමක් වර්ධනය කරගෙන ඇති බව, මාධ්‍යවේදීන්, පර්යේෂකයින් සහ ලේඛකයින්ද, අනාවරණය කළේය.

ඒ සම්බන්ධයෙන් open AI සමාගමට එරෙහිව පවරා ඇති නඩුවේදී, සුචිර් බලාජී සතු දැනුම සහ තොරතුරු අතිශය වැදගත් සාක්ෂි බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුචීර් බලාජීගේ මරණය සම්බන්ධයෙන් open AI සමාගමේ නිර්මාතෘ ඊලෝන් මස්ක්ද, එක්ස් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

Exit mobile version