Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බිනර ශාකයක් ළඟ තබා ගැනීමේ වරදට විදේශීය කාන්තාවට රු.80,000ක දඩයක්

බිනර ශාකයක් ළඟ තබා ගැනීමේ වරදට විදේශීය කාන්තාවට රු.80,000ක දඩයක්

බිනර ශාකයක් ළඟ තබා ගැනීමේ වරදට විදේශීය කාන්තාවට රු.80,000ක දඩයක්

වඳවීමේ තර්ජනයට ලක් ව තිබෙන බිනර ශාකයක් සන්තකයේ තබාගත් ඊශ්‍රායල් ජාතික කාන්තාවකට රුපියල් 80,000ක දඩයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (12) නියම කර තිබෙනවා.

ගම්පොළ අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් අදාල ඊශ්‍රායල් කාන්තාව හන්තාන රක්ෂිතයේදී ඊයේ දිනයේ(11) අත්අඩංගුවට ගෙන තිබුණි.

තිස් හය හැවිදි මෙම කාන්තාව මහනුවර හන්තාන කඳු ආශ්‍රිතව තිබූ මෙම මල් හා ශාක කොටස් එක්රැස් කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා තවත් ඊශ්‍රායලයන් ජාතිකයන් 26 දෙනෙකු සමග පැමිණි ඇය මහනුවර හෝටලයක නවාතැන් ගෙන ඊයේ(11) දිනදී ඔවුන් හන්තාන කන්ද තරණය කිරීම සඳහා ගොස් තිබේ.

මෙම ඊශ්‍රායල් ජාතික කාන්තාව හන්තාන කඳු මුදුනේදී මෙම බිනර මල් සමග අතු කඩා ගැනීම වනජීවීන් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගම්පොළ කාර්යාල නිලධාරීන් ගොස් ඇය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය ගම්පොළ කාර්යාල වෙත ගෙන විත් තිබේ.

අත්අඩංගුවට ගත් 36 හැවිරිදි අදාළ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 80,000ක දඩයක් නියම කර ඇති අතර ඇයව ඇප බැදුම්කරයක් මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version