Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොටස් වෙළඳපොළේ ඉතිහාස ගත වාර්තාවක්

කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේදී ඒකක 14,000 සීමාවට ගොස් තිබෙයි.

අද (12) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර අද (12) දිනයේ ගනුදෙනු අවසානයේදී එහි අගය ඒකක 14,035.81ක් ලෙසයි වාර්තා වී ඇත.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09ක් ලෙසින් දක්වා තිබෙයි.

අද(12) දින රු.බිලියන 7.35ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක් වෙයි.

Exit mobile version