ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක හඳුනා ගෙන ඇති බවයි.
වසරේ ගත වූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 10,000ක් පමණ වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මී උණ හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 120ත් 200ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි.
මීයන්ගේ මුත්‍රා ජලයට එක්වී, ශරීරයේ පවතින තුවාල ඔස්සේ විෂබීජ ශරීරගත වී, මී උණ වැළදිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව, මී උණ රෝගයේ ලක්ෂණයි.
එම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් රෝහල් ගත වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.