වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අද දිනයේ (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවය.
මේ අතර, රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එක පොල්ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ, රජයට අයිති වතුවල තිබෙන පොල් නිෂ්පාදන මෙලෙස අඩු මිලට අලෙවි කිරීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.