අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
ඒ, පැවති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ, ඒ සම්බන්ධයෙන් 1911 අංකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා දිය හැකි බවයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් 05 වැනිදා සිට පසුගිය 30 වැනිදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව මීට පෙර දින නියම කර තිබිණි.