Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කල් ඉකුත් වූ භාණ්ඩ තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය යටතට

පාරිභෝගික කටයුතු අධිකාරිය සිදුකළ වැටලීම්

පාරිභෝගික කටයුතු අධිකාරිය සිදුකළ වැටලීම්

එළැඹෙන උත්සව සමය තුළ තොරතුරු වෙනස් කරමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ආනයනික කඩල, සහල්, සහ කල් ඉකුත් වූ රට ඉඳි ගබඩා කර තිබූ ගබඩා කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීමක් සිදුකර තිබේ.

එහිදී රසායනාගාර වෙත බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය ලීටර් 50ක්ද එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පසුගිය 28වැනි දින ගබඩා පරීක්ෂා කිරීමේදි මෙම භාණ්ඩ තොගය සෙයා ගැනීමට එම අධිකාරිය සමත්ව තිබේ.

තවද පසුගිය 28වැනි දින වත්තල ප්‍රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් පවත්වාගෙන යනු ලබන ගබඩා පරික්ෂා කිරීමේදී කල් ඉකුත් නොවූ වියලි මිරිස් සමග ගබඩා කර තිබූ කල් ඉකුත් වූ වියලි මිරිස් ටොන් 4.6ක්ද විමර්ෂන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

පාරිභෝගික අධිකාරිය පැවසුවේ කල් ඉකුත් වූ භාණ්ඩ සමග කල් ඉකුත් නොවූ භාණ්ඩ ගබඩා කර තැබීම පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව වරදක් වන බැවින් එම වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බවය.

මේ අතර කල් ඉකුත් වූ භාණ්ඩ, තොරතුරු වෙස්කරන ලද භාණ්ඩ උත්සව සීමාව තුළ වෙළඳපොළට එවීම සඳහා කටයුතු කරන වෙළෙඳුන් සහ ගබඩාකරුවන් සොයා තවදුරටත් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ඒ අනුව සැපයුම්කරුවන් විසින් භාණ්ඩ ලබාදීමේදී එවැනි භාණ්ඩ පිලිබදව සැලකිරීමත් වන ලෙසත්, එවැනි තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත ලබාදෙන ලෙසත් සිල්ලර වෙළදුන් සහ ගබඩා අශ්‍රිතව සේවය කරනු ලබන සේවකයන්ගෙන්ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉල්ලා සිටියි.

Exit mobile version