සාගින්නෙන් පෙළෙන ගාසා තීරයේ වැසියන්ට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගතවූ පැය 24 තුළ 100 කට ආසන්න පිරිසක් ඝාතනයට පත්ව තිබෙනවා.
ගතවූ පැය 24 තුළ ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 100කට ආසන්න පිරිසක් ඝාතනයට පත්ව ඇති අතර උතුරු ප්‍රදේශයේ බෙයිට් ලාහියා හි නිවාස දෙකකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් 75 දෙනෙකු ඝාතනයට පත්ව තිබේ.
ගාසා තීරයේ පලස්තීනුවන් අතර කුසගින්න හා දුක් අඳෝනා ව්‍යසනකාරී මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ලෙබනනයේ සටන් විරාමය සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.
පසුගිය වසරේ ඔක්තෝබර් 7වැනිදා සිට පලස්තීනුවන් 44,363ක් ඝාතනයට පත්ව 105,070ක් තුවාල ලබා සිටිනවා.
එමෙන්ම ගාසා තීරයට එරෙහි යුද්ධය ආරම්භ වූදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 3,961ක්ද ඝාතනයට පත්ව 16,520ක් තුවාල ලබා සිටිනවා.