Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රනිල් වික්‍රමසිංහ තවත් පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කෙරේ

රනිල් වික්‍රමසිංහ තවත් පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කරයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම හුදෙක් දේශපාලනික පත් කිරීමක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ, එම නිසා ජනාධිපතිවරයා වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙසයි ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ තවත් පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කරයි

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින්.

එය අද දින (27) ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාල පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර ලබා දෙන ලෙස මෝසමක් ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව විරෝධතා පවති නම් සති හතරක් තුළ ගොනු කරන ලෙස වග උත්තරකාර රනිල් වික්‍රමසිංහට මහතාට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල, පෙත්සම විභාගය සඳහා ලබන මාර්තු මස 10 වනදා කැඳවීමට නියෝග කරනු ලැබුවා.

Exit mobile version