Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමාත්‍යාංශ 3ට අදාළ ආයතන 94ක් ජනපති යටතට

ජනපති අනුරට 78.7%ක ජනතා ප්‍රසාදයක් – සමාජ විද්‍යාඥයින්ගේ සංගමය

ජනපති අනුරට 78.7%ක ජනතා ප්‍රසාදයක් – සමාජ විද්‍යාඥයින්ගේ සංගමය

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ඇති අමාත්‍යාංශ 3ට අදාළ විෂය පථයන් ගැසට් කර ඇති අතර ජනාධිපතිවරයා යටතට ඒ අනුව ආයතන අනූහතරක වගකීම පැවැරේ.

ඒ අනුව, ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය යටතට මෙම ආයතන අනූ හතර බෙදී තිබේ.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, මාගම්පුර වරාය කළමනාකරණ සමාගම, ශ්‍රී ලංකන් හා මිහින් ලංකා සමාගම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, එමෙන් ම, සේවක භාරකාර අරමුදල සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, මහ බැංකුව, හෝටල් ව්‍යාපෘති, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදාළ වේ.

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අදාළ වේ.

එමෙන් ම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා ටෙලිකොම් පාලිත සමාගම්, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, දත්ත ආරක්ෂණ අධිකාරිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු ආයතන හතක් අදාළ වේ.

Exit mobile version