Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අදානිගේ කොළඹ වරාය ව්‍යපෘතියට මුදල් ලබාදීම සම්බන්ධව යළි ඇගයීමක් – අමෙරිකානු ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව

අදානිගේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යපෘතිය

අදානිගේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යපෘතිය

අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් මිලියන 553ක මුදල සම්බන්ධව යළි ඇගයීමක් සිදුකරන බව අමෙරිකානු ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසා තිබේ.

ඒ අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අදානි සමාගමට සහ නිර්මාතෘ ගෞතම් අදානිට එල්ල වී ඇති චෝදනාවලින් ඊට යම් බලපෑමක් සිදුවේදැයි සලකා බැලීම සඳහාය.

ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකානු අධිකරණයක් මඟින් සිතාසි නිකුත් කරනු ලැබුවේ පසුගියදාය.
ඒ අල්ලස් ලබාදීම සහ වංචාසහගත ලෙස ලාභ උපයාගැනීම ඇතුළු චෝදනා යටතේය.

මේ සමග අදානි සමාගමේ ඩොලර් බැඳුම්කරවල වටිනාකම වාර්තාගත ලෙස පහත වැටී තිබේ. ඒ අනුව ගතවූ සතියේ කාර්තු දෙකකදී සමාගමට අහිමිවී ඇති වෙළෙඳපොළ වටිනාකමේ අගය අමෙරිකානු ඩොලර් බිලියන 27.9ක් ලෙස සඳහන්ය.

ගෙවුණු වසර 20 තුළ දැවැන්ත ව්‍යාපෘති තම සමාගම වෙත ලබාගැනීමට ඉන්දීය රජයේ නිලධාරීන් වෙත අමෙරිකානු ඩොලර් මිලියන 265ක් අල්ලස් ලබාදීමත්, එමඟින් අමෙරිකානු ඩොලර් බිලියන 2ක ලාභයක් ඉපයීමත් අදානි සමාගමට එල්ල වන චෝදනාවයි.

Exit mobile version