Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොවැම්බර් වැඩිහිටි දීමනාව බැංකු ගිණුම්වලට

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු 3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය කරයි.

නොවැම්බර් මාසයට අදාළව එම මුදල් බැංකු ගත කර ඇති අතර, අද දිනයේ (22) සිට එම මුදල් බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින් 511,086කට මෙම දීමනාව ගෙවනු ලබන අතර මේ මාසය සඳහා රු 1,533,258,000ක් ඒ වෙනුවෙන් වෙන්කර ඇත.

Exit mobile version