Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන්තොටුපොළ සේවකයින්ට ලබාදී ඇති රු.50,000ක ප්‍රසාද දීමනාව නැවත අයකර නොගැනීමට තීරණයක්

ගුවන්තොටුපොළ සේවකයින්ට ලබාදී ඇති රු.50,000ක ප්‍රසාද දීමනාව නැවත අයකර නොගැනීමට තීරණයක්

ගුවන්තොටුපොළ සේවකයින්ට ලබාදී ඇති රු.50,000ක ප්‍රසාද දීමනාව නැවත අයකර නොගැනීමට තීරණයක්

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් ලබාදී තිබේ.

අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, එම කටයුතු සම්බන්ධීකරණයට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙසයි.

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව සොයා බැලීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එම උපදෙස් ලබා දී තිබේ.

පසුගිය පාලන සමයේ ගත් තීරණයක් මත 2023 වසරේදී ලබාදී ඇති රුපියල් 50,000ක ප්‍රසාද දීමනාව නැවත අඩුකිරීමට ගෙන තිබූ තීරණය පිළිබඳව එහිදී සේවකයින් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

එම ගැටලුව කඩිනමින් විසඳන ලෙස උපදෙස් දී ඇති අමාත්‍යවරයා පවසා ඇත්තේ, එම මුදල් නැවත අයකර ගැනීම සදාචාර විරෝධී බවයි.

ඒ අනුව අදාළ මුදල් නැවත සේවකයන්ගෙන් අයකර නොගැනීමට ද එහිදී තීරණය කර තිබේ.

Exit mobile version