Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රික්ස් සාමාජිකත්වය ලබාගැනීම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බ්‍රික්ස් සාමාජිකත්වය ලබාගැනීම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බ්‍රික්ස් සාමාජිකත්වය ලබාගැනීම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බ්‍රික්ස් සාමාජිකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බ්‍රික්ස් අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති බවට පළවන වාර්තා සාවද්‍ය හා ජනතාව නොමග යවන සුළු බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

එම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම වසරේ ඔක්තෝම්බර් 7වන දින බ්‍රික්ස් හා නිව් ඩිවොලොප්මන්ට් බෑන්ක් හි සාමාජිකත්වය සඳහා අයදුම්පතක් යොමු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවු අතර අනතුරුව අමාත්‍ය විජිත හේරත් මහතා බ්‍රික්ස් සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන බවයි.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඒ සම්බන්ධයෙන් පුටින් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

තවද රුසියාවේ කර්සන්හි පැවති 2024 බ්‍රික්ස් සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියද ශ්‍රී ලංකාවේ ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් සාමාජිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර හිමිවූ බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම නිව් ඩිවලොප්මන්ට් බෑන්ක්හි සභාපතිවරයාද ශ්‍රී ලංකාවේ අභිප්‍රාය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් රැසක් බ්‍රිකිස් සාමාජිකත්ව ලබාගැනීම සඳහා යොමුකළ අයැදුම්පත්‍ර නියමිත කාලය තුළදී සාමාජික රටවල් සළකා බැලීමට ලක්කරන බවද විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයේ දැක්වෙනවා.

නොවැම්බර් මස 6වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දෙන සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය වැරදි ලෙස නිරූපණය කරමින් මෙම අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Exit mobile version