ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කළ කාවින්ද සොයිසා මහතා අද (05) දින නව ධුරයේ සිය රාජකාරි භාර ගන්න ලදි.
ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දී කාවින්ද සොයිසා මහතා නව ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
බැංකු ක්ෂේත්රයේ වසර 30කට අධික පළපුරුද්දක් සහිත ඒ මහතා වසර 25කට අධික සිය කළමනාකරන පළපුරුද්ද තුළින් දේශීය මෙන්ම ගෝලීය බැංකු වෙත සැළකිය යුතු දායකත්වයක් ලබාදී ඇති වෘත්තිකයෙක්.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කාවින්ද සොයිසා මහතා එහිදී ස්වර්ණ මුද්‍රිකා ලාභියෙකු ලෙස සිය විශිෂ්ටත්වය ප්‍රකට කර තිබෙනවා.
බැංකු සහකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා බැංකු ක්ෂේත්රයේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට දායකත්වය ලබාදී තිබෙනවා.