ඊශ්‍රායල ප්‍රහාරවලින් අවතැන් වූ මිලියනයකට අධික සිවිල් ජනතාවට සහාය වීම සඳහා මසකට අමෙරිකානු ඩොලර් මිලියන 250ක් අවශ්‍ය වන බව ලෙබනනයේ පාරිසරික ඇමැති නසීර් යාසින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට උද්ගත වී ඇති යුද තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ වගකීම භාරව සිටින පාරිසරික ඇමැතිවරයා ලෙබනනයේ අවතැන් වූ සිවිල් ජනතාවගේ මූලික අවශ්‍යතා වන ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ අධ්‍යාපනය සඳහා සහන සැලසීමට ඉදිරිපත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ වන විට ලෙබනන් රජයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන ආධාර ප්‍රමාණවත් වන්නේ අවතැන් වී සිටින මිලියන 1.3ක ජනතාව අතුරින් 20%ක පමණ පිරිසකට බවත්, ඊශ්‍රායලයෙන් අඛණ්ඩව එල්ල වන ප්‍රහාර හේතුවෙන් නිවාස හැර යන සිවිල් වැසියන්ගේ ප්‍රමාණය ඉහළ යමින් පවතින බවත් එරට පාරිසරික ඇමැතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.
එරට පාසල්, සුපිරි වෙළෙඳසැල් සහ රජයේ ගොඩනැඟිලි රැසක් මේ වනවිට අවතැන් වූ සිවිල් වැසියන්ගේ කඳවුරු බවට පත්වී ඇතැයිද ඇමැතිරයා ප්‍රකාශ කර ඇත.