Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආරුගම්බේ,:විදේශීය තානාපති සමූහයක් මෙහෙයවන කෲර විහිළුව

ආරුගම්බේ සිද්ධියට අදාළව තිදෙනෙක් අත්අඩංගුවට

ආරුගම්බේ සිද්ධියට අදාළව තිදෙනෙක් අත්අඩංගුවට

දේජා වූ – සංචාරක උපදේශන

ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය වශයෙන් යම් ස්ථාවරයකට ළඟා වන මෙම අවස්ථාවේදී සමහර විදේශීය තානාපති සමූහයක් විසින් මෙහෙයවනු ලබන මෙය, එක්තරා ආකාරයක කෲර විහිළුවක්ද?

ඔක්තෝම්බර් මස මුලදී ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ඊශ්‍රායල් සර්ෆ් සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ජනාවාස අඩු ජනප්‍රිය නැගෙනර මුහුදු තීරය හා ආරුගම්බේ බොක්කෙහි එහි ඇති විය හැකි අවදානම ගැන අනතුරු ඇඟවූයේය.

මෙවැනි ආරක්ෂක අනතුරු ඇගවීම් ගෝලීය වශයෙන් නිරන්තරව දක්නට ලැබේ. කෙසේ නමුත් ලංකාවෙ මෙම අනතුරු ඇඟවීමෙන් පසු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වූ අතර අත්අඩංගුවට ගැනීම් දෙකක්ද සිදුවිය.
නමුත් එයට අමතරව කිසිදු සිදුවීමක් වාර්තා නොවූ අතර ඒ පිළිබඳව බලධාරීන් විසින්ද විශ්වාසයෙන් තහවුරු කරන ලදී.
ආරුගම්බෙහි වැඩි වශයෙන් බෞද්ධ ජනතාව නොව මුස්ලිම් ජනතාව හා සාපේක්ෂව හින්දු ජනතාවත් ජීවත් වේ.සාමාන්‍යයෙන් ආරුගම්බෙහි 50% සංචාරකයන් ඊශ්‍රායල ජාතිකයන් වන අතර , ඔවුන් බොහෝවිට යුද හමුදා සේවයෙන් පසු සංචාරය කරන්නන් වේ.මෙහි සාමාන්‍ය ජනතාව හා සංචාරකයන් අතර නොසන්සුන්තාවයක්ද හට ගෙන ඇති අතර එයට හේතුව වී ඇත්තේ සංචාරකයන් විසින් නීති විරෝධීව පවත්වාගෙන යන විදේශ මුදල් සම්බන්ධ ගැටළු හා වීසා සම්බන්ධ ගැටළුය.නමුත් අවාසනාව නම් රජය විසින් ඵලදායි ලෙස මේ පිළිබඳව අවධානය යොමු නොකිරීමයි.
මීට අමතරව මුස්ලිම් පල්ලියක් අසල නව සිනෝගයක් ඉදිකිරීමද ඝට්ටන වලට හේතු වී ඇත.මෙවැනි ආතතියෙන් පවතින තත්ත්වයක් තුළදී පවා කිසිම දිනක මේ ආකාරයක සුළු ප්‍රහාරවල ඉතිහාසයක් නොමැති ශ්‍රී ලංකාව සැමට සෑම විටම ආගන්තුක සත්කාරය එලෙසම පිරිනමයි.

සමාජ ක්‍රියාකරුවන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේද ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරන නීති විරෝධී ව්‍යාපාර වර්ජනය කරන ලෙස ඉල්ලා ඇත.නමුත් මේ ගෙවමින් පවතිනුයේ ආරුගම්බෙහි සංචාරකයන් දක්නට නොලැබෙන කාලවකවානුවකි.

තෝම්බර් 23 වන දින එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලය විසින් ආරුගම්බෙහි තර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.මෙම නිවේදනයෙන් පසු ඊශ්‍රායල මාධ්‍ය විසින් එම නිවේදනය විස්තාරනය කරමින් විකාරයක් කරමින් පවසා සිටියේ මුළු ශ්‍රී ලංකාවම අනාරක්ෂිත බවයි.එම නිවේදන නිකුත් වන කාලය තුළ බොහෝ දෙනෙක් උදේ කාලයේ කොළඹ සාප්පු සවාරිවල නියුතුව සිටියේය.
ඒ විගසම එක්සත් ජනපදය විසින් එම ඊශ්‍රායල ප්‍රකාශය අනුගමනය කරමින් සමස්ත ශ්‍රී ලංකාවම අනතුරේ බව අඟවමින් පහත පරිදි භයානක ප්‍රකාශ නිකුත් කළේය,
“ත්‍රස්තවාදින් ශ්‍රී ලංකාව තුල ප්‍රහාර එල්ල කිරීමට බොහෝ දුරට ඉඩ ඇත”යන්න එහිදි සඳහන් විය, නමුත් මෙම ප්‍රකාශයෙදි කලින් නිවේදනය පරිදි ආරුගම්බේ ගැන කිසිදු සඳහනක් නොමැතිව කිසිඳු සාක්ෂියක් නොමැතිවම මෙසේ ප්‍රකාශ කලේය.

සංචාරක උපදේශනය මොය මෙවලම් වන විට රාජ ත්‍රාන්තිකයන් බොහෝ විට බුද්ධියෙන් පැනිමට මෙය භාවිතා කරයි,නිදසුනක් ලෙස ඕස්ට්‍රේලියානු උපදේශනයේදී ජර්මනිය පිළිබඳ සඳහන් වනුයේ, යනුවෙනි” ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ව්‍යායාම් කිරීමෙන් ජර්මනියේ ප්‍රවේශම් සහගත මට්ටමක්” යනුවෙනි.ඇත්ත වශයෙන්ම ජර්මනයට සංචාරය කරන සුළු පිරිසක් විසින් එම උපදේශනයෙන් කියවනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි ජාත්‍යන්තර සංචාරක සන්නිවේදනය ප්‍රායෝගික නොවන රටවල් වල සංචාරකයන් නොමඟ යැවීමේදී උපදේශන සේවාව අසමානුපාතික භූමිකාවක් ඉටුකරයි.
අවදානම් පුළුල් ලෙස ප්‍රචාරය වන නමුත් ඊශ්‍රායල සංචාරකයන් සම්බන්ධව ශ්‍රී ලංකා බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග පිළිබඳ රාජ තාන්ත්‍රිකයන් විසින් පුද්ගලිකව සැනසීම ප්‍රකාශ කර ඇත.නමුත් බලධාරීන් විසින් නීති විරෝධී ව්‍යාපාර වසා දැමිය යුතු අතර වීසා කාලයෙන් පසු රැඳී සිටින්නන් පිළිබඳ සහතික වීමද සිදුවිය යුතුයි.
බලාපොරොත්තු වූ සීත ඍතුව සංචාරක සමයක් ලෙස පෙනෙන මේ කාලයේ එක්සත් ජනපදය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මගින්ද මෙම සිදුවිම විස්තාරණය කර ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කරනු ලබන එක් සංචාරක වෙන් කිරිමක් වුවද ලංකාවේ අනාගතය වෙනුවෙන් අත්‍යාවශ්‍ය වේ.ලංකාවේ සංචාරය කිරිමට සිටින අනාගත අමුත්තන් විසින් දුම් වලල්ලෙන් පිරි ඇති කන්ණාඩියෙ එහා දෙයක් දකිනු ඇතැයි හා ලංකාව වෙනුවෙන් වෙන් කිරිම් දිගටම කරනු ඇතැයිද අප බලාපොරොත්තු වන්නෙමු.
මෙගාෆෝන් වල ඇති නොසැලකිලිමත්බව හා ක්‍රියාවන් නොතකා ශ්‍රී ලාංකිකයන් වන අප සැවොම ආගන්තුක සත්කාරයට කැප වි සිටින අතරම පිලිගන්නටද සැඳි පැහැදි සිටින්නෙමු. මෙය නොකියාම බැරි දෙයකි ඉතිහාසයේ පවා ආගන්තුක සත්කාර අතරින් ඉහළින්ම සිටින රටක් ලෙස අප ශ්‍රී ලංකාව මෙවරද ඔබ වෙනුවෙන් සුදානම්. තවද මේ මගින් රට හෝ රටේ ජනතාව කිසිම ප්‍රයෝජනයක් නොගත් බව දැන් සහතික කරන්නෙමු.

සෑම රටකම සංචාරකයන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වන අතර පොරොන්දුවන්නෙමු එම සංචාරය ආරක්ෂිත හා අමතක නොවන සුන්දර මතකයන් වලින් සපිරුණු සංචාරයක් වන බවට.

ආරක්ෂිතව සිටින්න අපේ පුංචි දිවයිනේ….

මලික් ජේ ෆර්නැන්ඩු,
ශ්‍රී ලංකා සංචාරක සන්ධානයේ සභාපති

 

 

 

 

 

 

 

Exit mobile version