Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගාට අතුරු තහනම් නියෝගයක්

ජේ ශ්‍රී රංගාට අතුරු තහනම් නියෝගයක්

ජේ ශ්‍රී රංගාට අතුරු තහනම් නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව ලබන මස 07වනදා දක්වා ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වාලමිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ.

ශ්‍රී රංගා මහතාට ඉදිරි පැය 48තුළ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි ප්‍රකාශයක් ලබා දෙන ලෙසද අධිකරණය නියෝග කළා.

වගඋත්තකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කෙරුණා.

Exit mobile version