Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩො.බි 50ක ආර්ථික හා හමුදා ආධාර

ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩො.බි 50ක ආර්ථික සහ හමුදා ආධාර

ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩො.බි 50ක ආර්ථික සහ හමුදා ආධාර

G7 රටවල් යුක්රේනයට ලබා දෙන ඩොලර් බිලියන 50ක ණය ආධාරයෙන් ඩොලර් බිලියන 20ක කොටසක් ඇමරිකාව ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ආර්ථික සහ හමුදා ආධාර සඳහා වසර අග වන විට ඉතිරි අරමුදල් ලබාදීම ආරම්භ කිරීමට සැලසුම් කරන බව නිවේදනය කරමින් ණය මුදලේ ඩොලර් බිලියන 20ක කොටස මෙලෙස ලබාදී ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් සහ යුක්රේන මුදල් ඇමති සර්හි මාචෙන්කෝ මීට අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.

2022 පෙබරවාරි මාසයේදී රුසියා හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු නිශ්චල කර ඇති ඩොලර් බිලියන 300 කට අධික රුසියානු වත්කම්වලින් මෙම අරමුදල් සැපයෙනවා.

දේශගුණික අලාභ හා හානි අරමුදලක් කළමනාකරණය කරන ආකාරයටම ඇමරිකාව, ජපානය සහ කැනඩාව මෙම ස්වෛරී ණය දායක මුදල් කළමනාකරණය කරනු ලබනවා.

Exit mobile version