Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරරාජසිංගම්ගේ නාමයෝජනාව අනුමත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පාර්ලිමේන්තු මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසා මහතාගේ නාමයෝජනා පත්‍රය අනුමත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අද් (23) නියෝග කළේය.

ඒ, එම නඩුව අද එනම් බදාදා දින කැඳවූ අවස්ථාවේදීය.

ලබන නොවැම්බර් 14වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් පරරාජසිංගම් උදයරාසා මහතා භාරදුන් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පසුගියදා ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය නිකුත් කරමින් පැවසුවේ, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

Exit mobile version