Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අශේන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වේ

අශේන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතික්ෂේප වේ

අශේන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතික්ෂේප වේ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න මහතා ගොනුකර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ (23) ප්‍රතික්ෂේප කළේය.

අශේන් සේනාරත්න මහතා පෙත්සම ගොනු කර තිබුණේ නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත මහමැතිවරණයට භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්ය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න මහතා පසුගියදා කොළඹ දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් නාමයෝජනා භාර දි තිබේ.

Exit mobile version