Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2020 සිට 2024 මේ දක්වා අත්අ­ඩං­ගු­වට පත් ඉන්දීය ධීවර යාත්‍රා 124 ක්

2020 සිට 2024 මේ දක්වා අත්අ­ඩං­ගු­වට පත් ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව

2020 සිට 2024 මේ දක්වා අත්අ­ඩං­ගු­වට පත් ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව

ශ්‍රී ලංකා මුහුදු සීමා­වට අන­ව­ස­ර­යෙන් ඇතුළු වීම හේතු­වෙන්, 2020 වසරේ සිට 2024 වසරේ මේ වන තෙක් අත්අ­ඩං­ගු­වට පත් ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 142ක් බව ධීවර අමා­ත්‍යාංශ වාර්තා සඳ­හන් කරනවා.

ධීවර අමා­ත්‍යාංශ අති­රේක ලේකම් ධම්මික රණ­තුංග මහතා සඳ­හන් කරන්නේ මෙම වසර 05 තුළ අත්අ­ඩං­ගු­වට පත් ඉන්දීය ධීවර යාත්‍රා 142 අත­රින් 71ක් රාජ­ස­න්තක කර ඇති බවයි.

යාත්‍රා 55ක් සම්බ­න්ධ­යෙන් මේ වන විටත් නඩු විභාග වෙමින් පවතින බවයි ඔහු පවසන්නේ. මේ අත­රින් වැඩිම ධීවර යාත්‍රා ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට පත්වී ඇත්තේ මෙම වස­රේ­දීය. එම සංඛ්‍යාව 59කි. මෙයින් 24ක් රාජ­ස­න්තක කර තිබේ. මෙරට මුහුදු සීමා­වට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා 36ක් 2022 වස­රේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, 2023දී ඉන්දීය ධීවර යාත්‍රා 34ක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම නාවික හමු­දාව මඟින් සිදු කර තිබුණා.

වසර 2022දී එම ධීවර යාත්‍රා­ව­ලින් 24ක්ද 2023දී 12ක්ද 2021දී 10ක්ද රාජ­ස­න්තක කර තිබෙනවා.

මෙම ඉන්දු ලංකා ධීවර ගැට­ලුව පිළි­බ­ඳව අද­හස් දක්වන අති­රේක ලේකම් ධම්මික රණ­තුංග මහතා පෙන්වා දෙන්නේ මෙය රාජ­ත්‍රා­න්ත්‍රික මට්ට­මින් විස­ඳා­ගත යුතු බවයි.

“මේ සඳහා ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ ඉහළ නිල­ධා­රි­න්ගෙන් සම­න්විත ක්‍රියා­කාරි කමි­ටු­වක් ස්ථාපිත කර තිබෙ­නවා.

කෙසේ වුවත් මෙරට මුහුදු සීමාව උල්ලං­ඝ­නය කරන විදේ­ශීය ධීවර යාත්‍රා අත්අ­ඩං­ගු­වට ගැනී­මට පවත්නා නීතිය උප­රි­ම­යෙන් ක්‍රියා­ත්මක වෙනවා.

Exit mobile version