Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 වර්ෂයේ රාජ්‍ය ආදායම 40% කින් ඉහළට

රාජ්‍ය ආදායම 40% කින් ඉහළට

රාජ්‍ය ආදායම 40% කින් ඉහළට

2024 මුල් මාස 08 තුළදී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඒ අනුව 2024 ජනවාරි – අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම්ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රු.බිලියන 2,557.79ක් බවයි.

මෙම වකවානුව තුළ සමස්ත බදු ආදායම රු.බිලියන 2,348ක් ලෙසින් සටහන්ව ඇති අතර එයින් රු.බිලියන 624ක් ආදායම් බදු ලෙසත්, රු.බිලියන 1,421ක් භාණ්ඩ හා සේවා මත අය කරනු ලැබූ බදු ලෙසත් දක්වා ඇත.

මෙහි ඇති විශේෂත්වය නම් භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වූ VAT බදු ආදායම රු.බිලියන 842ක් දක්වා 87.2%කින් වැඩි වී තිබීමයි. මීට අමතරව සුරාබදු ආදායම මෙම වකවානුව තුළදී රු.බිලියන 385ක් දක්වා 42% කින්ද මෙම මාස 08ක කාලපරිච්ඡේදය තුළදී ඉහළ ගොස් තිබේ.

බදු නොවන ආදායම රු.බිලියන 209ක් දක්වා 31.7%කින් ඉහළ ගොස් තිබීමද විශේෂත්වයකි.
මේ පිළිබඳ සටහන පහතින් දැක්වේ.

Exit mobile version