Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය හසීනා අත්අඩංගුවට ගැනීමට

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය හසීනාට වරෙන්තු

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය හසීනාට වරෙන්තු

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවය.

අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකුටද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අනුව නොවැම්බර් 18 වෙනිදා වන විට ෂීක් හසීනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version