Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඌරන් අතර හඳුනා නොගත් මාරාන්තික වෛරසයක්; ඌරු මස් කෑම අවදානම්

ඌරන් අතර හඳුනා නොගත් මාරාන්තික වෛරසයක්; ඌරු මස් කෑම අවදානම්

ඌරන් අතර හඳුනා නොගත් මාරාන්තික වෛරසයක්; ඌරු මස් කෑම අවදානම්

ඌරන්ගේ ශ්වසන පද්ධතිය හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පැතිර යන රෝගය මිනිසුන්ට හා වෙනත් සතුන්ට බෝ නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සදහන් කළාය.

එම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මේ වනවිට රෝගය පැතිර යන ගොවිපළවල්වල සහ ඒ ආශ්‍රිත ගොවිපළවල්වල ඌරන් එන්නත් කිරීම ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සදහන් කළාය.

ලියාපදිංචි කර ඇති එන්නත් සහ ඖෂධ මේ වන විට ලංකාවට ගෙන්වා ඇති අතර එය ඌරන්ට ලබාදීම ආරම්භ කර ඇති බවත් රෝගය තදින් පැතිර නොයන ප්‍රදේශවල ඌරන්ට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර පශු වෛද්‍යවරුන් මේ වන විට ලබාදෙමින් සිටින බවද සදහන් කළාය.

එනිසා ජනතාව ඌරු මස් ආහාරයට ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් රෝගය වැළඳී ඇති ඌරන්ගේ මස් අනුභව කිරීම අනුමත නොකරන බවත් ඒ පිළිබඳව අවධානයක් යොමු කරන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදි තවදුරටත් සදහන් කළාය.

Exit mobile version