Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය ගැන අතුරු තහනම් නියෝගයක්

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා වත්මන් රජයත් ඒ සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. නමුත් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට පසුගිය රජයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. වැඩි වන ජනගහනය හේතුවෙන් මිනිසා අලි ඇතුන්ට හිමි වාසස්ථාන උදුරා ගැනීම නිසාත් අලි ඇතුන් ගමන් කරන කොරිඩෝවන් දිගේ ජනාවාස ඉදිකිරීම නිසාත් මේ අලි මිනිස් ගැටුම තවත් උස්සන්න වන්න පටන් ගෙන තිබෙනවා. මේ සඳහා කලින් කලට විසඳුම් රැසක් ඉදිරිපත් කෙරුණා. ඒ අතර විදුලි වැටවල් ඉදි කිරීම ,අලි ගම්වදින ස්ථානවල අගල් කැපීම ,සිග්සැක් ක්‍රමයට තල් වැටවල් ඉදිකිරීම ,එම මංකඩවල් වල පතොක් වැනි කටු සහිත භෝග වගා කිරීම උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. මේ සඳහා ලංකාවේ බහුලව භාවිත කෙරුණේ අලි ගම්වදින ස්ථානවල විදුලි වැටවල් ඉදිකිරීමයි. මේ සඳහා යන වියදම අධික වීම නිසාත් නැවත නැවත ප්‍රතිසංස්කරණ කිරීම සඳහා විශාල ලෙස මුදල් වැය කිරීමට සිදුවීම අසීරුවීම නිසාත් ,මෙය ස්ථිර විසඳුමක් බවට පත්වුණේ නැහැ. අලි ඇතුන් බුද්ධියෙන් වැඩි සත්ත්ව කොට්ඨාසයක් වීම නිසා පිටතින් කොට ගෙනවිත් විදුලි වැටවල් වලට දමා විදුලිය ආක්‍රිය වූ පසු එම ස්ථානවලින් නිරූපදිතව ගමන් කිරීමට ඉගෙන ගන්නට ඔවුන්ට වැඩි කලක් ගත වුනේ නෑ. අලි මිනිස් ගැටුම විසඳීමට වත්මන් රජය දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරමින් සිටිනවා. පරිසරවේදීන්ට අනුව අලි ඇතුන් යනු ජාතික වටිනාකමකින් යුත් සත්ත්ව විශේෂයක් . අලි මිනිස් ගැටුමින් පීඩාවට පත්ව සිටින ජනතාවට අනුව අලි ඇතුන් යනු තම භෝග වගාවන් විනාශ කරන මරණය කැන්ඳාගෙන එන බිය උපදවන ව්‍යසනයක්.

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා බාධා කිරීම් හෝ මැදිහත්වීම් වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ගම්පොල ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙයි.

ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින් පෞද්ගලික සමාගමක් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වෙයි.

Exit mobile version