Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06‍ක සිරදඬුවම් නියම කළේය.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබුණි. මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අදාළ නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අර්ජුන් ඇලෝෂියස් සහ දෙවැනි විත්තිකරු අධිකරණයෙහි පෙනී සිටියේය. තුන්වන විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.

අදාළ නඩුව අද (14) කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, ඉකුත් නොවැම්බර් මස නිකුත් කළ තීන්දුවට එරෙහිව තම සේවාදායකයින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.

එහෙත් කොළඹ මහාධිකරණය විසින් අදාළ බදු මුදල් ගෙවන ලෙස ඉකුත් නොවැම්බර් මස 14 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බවත් අධිකරයෙ හමුවේ කරුණු අනාවරණය වුණි.

ඒ අනුව නොවැම්බර් 14 දිනය තුළ අදාළ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකළහොත් මාස 06ක සිරදඬුවම් නියම කරන බවත් මහෙස්ත්‍රාත්වරයා විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළේය. ඒ අනුව අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම සිරදඬුවම නියම කළේය.

මේ අතර තමන්ට නියම වී ඇති මාස 06ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු වගඋත්තරකරුවන් දෙදෙනා විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම අභියාචනා අයදුම් පත අදාළ නඩු තීන්දුව ලබාදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් විසින් එම අභියාචනය තුළින් ඉල්ලා තිබුණි.

Exit mobile version