Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්ගේ බැංකු ගිණුම් 2ක් තහනම් කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්ගේ බැංකු ගිණුම් 2ක් තහනම් කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්ගේ බැංකු ගිණුම් 2ක් තහනම් කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළවයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බ්‍රහස්පතින්දා දිනයේ (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙන අතර එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Exit mobile version