Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 4ක් පමණයි

ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 4ක් පමණයි

ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 4ක් පමණයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සංඛ්‍යාව, 38ක්. ඒ අනුව ප්‍රචාරක වියදම් වාර්තා දී ඇත්තේ, අපේක්ෂකයින් 4 දෙනෙකු පමණයි.

ඒ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ අපේක්ෂක මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ හා කේ.ආනන්ද කුලරත්න යන මහත්වරුන්ය.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතු අතර අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව, මැතිවරණ කොමිසම සඳහන් කළේය.

කොමිසම පැවසුවේ, 13 වැනිදාට පසු වාර්තා ලබා දුන්නද, එය නීතිවිරෝධී ක්‍රියා යටතේ ගෙන දඬුවම් ලබාදෙන බවයි.

Exit mobile version