Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යේමනයේ හූති ඉලක්ක 15කට අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්වී ප්‍රහාර එල්ල කරයි

යේමනයේ හූති ඉලක්ක 15කට අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්වී ප්‍රහාර එල්ල කරයි

යේමනයේ හූති ඉලක්ක 15කට අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්වී ප්‍රහාර එල්ල කරයි

අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්වී යේමනයේ හූති ඉලක්ක 15ක් වෙත ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ.

පෙන්ටගනය පවසන්නේ රතු මුහුදේ නෞකා ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් හූති සංවිධානය ඉලක්ක කළ බවය. ඉරානයේ සහාය ලබන හූති සංවිධානයේ අවි පද්ධති සහ කඳවුරු ඇතුළුව හූති ඉලක්ක 15ක් මෙලෙස ගුවන් ප්‍රහාරවල ඉලක්ක වී තිබුණි. යුද නෞකා සහ ගුවන්යානා යොදා ගනිමින් මෙම ප්‍රහාර එල්ලකර ඇත.

ඒ අනුව, යේමනයේ සනා අගනුවර, ප්‍රධාන වරාය නගරය වන හුදෙයිදා නගරය ඇතුළු නගර කිහිපයක් වෙත ප්‍රහාර එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා හූති සංවිධානය රතු මුහුදේ වාණිජ නෞකා 100කට අධික සංඛ්‍යාවක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ. ඒ වසරක ආසන්න කාලයක සිටි ඊශ්‍රායල ප්‍රහාරවලට මැදිවී සිටින පලස්තීන ජනතාවට සහාය දැක්වීමක් වශයෙනි.

මේ අතර ඊශ්‍රායලය පසුගිය සිකුරාදා (04) දිනයේදීත් ලෙබනනය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ලකර තිබේ. ලෙබනනයෙන් පිටවිය හැකි එකම ගොඩබිම් මාර්ගය වන ලෙබනනයේ සිට සිරියාව වෙත යන මාර්ගය ඔවුන්ගේ ඉලක්ක වූ බව සඳහන්ය. ලෙබනනයේ දහස් ගණනක් සිරියාවට පළායමින් සිටින අතර මාර්ගය අවහිර වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Exit mobile version