Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔක්තෝම්බර් 11 සිට පොලිස් මහජන සහන මැදිරිය යළිත්

ඔක්තෝම්බර් 11 සිට පොලිස් මහජන සහන මැදිරිය යළිත්

ඔක්තෝම්බර් 11 සිට පොලිස් මහජන සහන මැදිරිය යළිත්

පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඔක්තෝම්බර් 11වන දින සිට යළි මහජන සහන දිනය ආරම්භ කිරීමටයි තීරණය කර තිබෙයි.

මේ අනුව මෙම ඔක්තෝම්බර් 11 වන දින සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී මහජන දිනය පැවත්වෙනු ඇත.

පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සඳහා අපේක්ෂිත සහනයන් ලබාගැනීමට නොහැකිවූ අයට මෙමගින් සහන සලසා ගත හැකියි.

එහිදී ඔවුන්ට සෘජුවම පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතින් කඩිනමින් විසඳුම් ලබාගැනීමට අවස්ථාව උදාවන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Exit mobile version