ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12න් පහල සියලු ළමුන්ට නොමිළයේ ඇතුල්වීමට පහසුකම් සලසා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පවසනවා.
දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන දැනුම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප වැඩි දියුණු කිරීම, දූ දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම, විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු කීපයක් ඔස්සේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩ සටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මෙනෙවිය වැඩි දුරටත් කියා සිටියා.